Album Art එක Reject වෙන්නේ නැතුව හරියට හ ...

Album Art එක Reject වෙන්නේ නැතුව හරියට හදාගමු

Apr 27, 2022

ගීතයක් Digital Platforms වලට Distribute කරද්දී ඉතාම වැදගත් වෙන දෙයක් තමයි Album Art, එහෙමත් නැත්තම් Cover Art කියන්නේ. ඔයාගේ ගීතයේ Music Video එක ඇරුනම ඊළඟට ගීතය ගැන අදහසක් ගන්න තියන දෘශ්‍ය මාධ්‍ය තමයි Album Art එක කියන්නේ 📷.

ඉතින් ඔයාගේ ගීතය Social Media වල Share කරද්දී ඒක දැකලා, Link එක Click කරලා ගීතය අහන්න හිතෙන විදියට Album Art එක නිර්මාණය කරන්න වගේම ගීතයට කිසිම අසාධාරණයක් නොවෙන විදියට ගීතයේ අර්ථය Album Art එක නිර්මාණය කරන්න පුළුවන් නම් තවත් වටිනවා 😎.

ඔයාගේ ගීතය ගැන Visually Image එකක් අහන කෙනාට මවාගන්න Album Art එක ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා අද ඉඳලවත් ඔයාගේ ගීතයේ Album Art එක ගැන හොඳට හිතලා බලලා නිර්මාණය කරන්න වගබලාගන්න.

ඉතින් මේ විදියට Album Art එකක් අපිට ඕන ඕන විදියට හදන්න පුලුවන්ද? ඇත්තටම කිව්වොත් බෑ. 😁 මොකද එක එක Platforms මේ Album Art එකටම අදාලව නීති පද්ධතියක් සකස් කරලා තියනවා. එහෙම නැති ගීත Distribute කරනකොට සමහර වෙලාවට අදාළ Store එකෙන් ඒ ගීතය Reject කරනවා. 😐 හැබැයි මේක විවිධ කාරනා උඩ වෙනස් වෙන්න පුළුවන්.

අපි එහෙනම් බලමු පොදුවේ ගත්තම මේ හැම Store එකකටම අදාළ වෙන විදියට Album Art එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා

☛ Album Art එකේ File Type එක JPG, PNG ආකාරයෙන් තියෙන්න ඕන. මේක Distributer අනුව තව File Type එකතු වෙන්න පුළුවන්. ඒත් පොදුවේ ගත්තම JPG, PNG කියන File Type දෙක තමයි නිතරම භාවිතා වෙන්නේ.

☛ Album Art එකේ හැඩය හරි සමචතුරස්රාකාර විදියට තියෙන්න ඕන.

☛ Distributer අනුව Album Art එකේ Dimensions නම් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 1500 x 1500 pixels සිට 4000 x 4000 pixels දක්වා මේ අගය වෙනස් වෙන්න පුළුවන්.

☛ ඒ වගේම File Size එකත් Distributer අනුව වෙනස් වෙනවා. පුළුවන් තරම් 2MB - 5MB අතර File Size එක තියාගන්න. Distributer අනුව උපරිම File Size එක 10MB දක්වා හෝ ඊට වැඩි වෙන්න පුළුවන්.

මූලික වශයෙන් තියෙන්නේ ඉහතින් සඳහන් කරපු දේවල් ටික තමයි. මේ ටික අදාළ විදියට තිබ්බේ නැත්තම් ඔයාගේ Distributer ටම ගීතය Reject කරනවා.

මේ දේවල් වලට අමතරව Album Art එක හදද්දී සැලකිලිමත් වෙන්න ඕන තවත් කරුණු තියනවා. මේ දේවල් හරියට තිබුනේ නැත්තම් සමහර Stores වලින් ඔයාගේ ගීතය Reject වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ දේවල් මොනවද කියලා.

☛ ගීතයට සම්බන්ධ නැති Artist කෙනෙකුගේ Photos, නම් වගේ දේවල් කොහොමටවත් ඇතුලත් කරන්න එපා.

☛ Album Art එක දැකලා ගිහින් අහයි කියලා හිතෙන ගීතයට අදාළ නොවන බොරු දේවල් දාන්න එපා.

☛ Text විදියට මොනවා හරි දෙයක් එකතු කරනවා නම් Album එකේ නම හෝ ගීතයේ නම, ගීතය ගායනා කරන Main Artists ලගේ සහ Feature Artists ලගේ නම් විතරක් ඇතුලත් කරන්න.

☛ සමහර Distributers ලා සහ Platforms සිංහල භාෂාව සඳහා සහය දක්වන්නේ නෑ. ඒ නිසා අදාළ Distributer අනුව Album Art එකෙහි Text විදියට භාවිතා කරන භාෂාව ගැන සැලකිලිමත් වෙන්න.

☛ Quality එක අඩු, බොඳ උණු, Pixelate උණු, Upscale කරද්දී කොටු කොටු පෙන විදියට තියන Album Art එක හදන්න එපා. එහෙම තියන Photos පාවිච්චි කරන්නත් එපා Album Art එක හදද්දී.

☛ Social Media Logos, Emails, Website Links, වෙනත් ආයතන වලට අයත් Logos, Trademarks හෝ ඔබට අයිති Logos මොනම හේතුවක් නිසාවත් ඇතුලත් කරන්න එපා.

☛ Album Art එක හදද්දී Templates පාවිච්චි කරන්න එපා. එක වගේ Album Art තියෙද්දී ඔයාගේ ගීතයේ තියන Uniqe ගතිය නැති වෙනවා.

☛ ඔබට භාවිතා කිරීමට ලිඛිත අවසරයක් නොමැති ඡායාරූප හෝ ඡායාරූප කොටස් Copyright Holders ලගේ අනුමැතියක් නැතිව Album Art එකට ඇතුලත් කරන්න එපා.

☛ Music Label එකේ නම, ගීතයේ මිල, වර්ෂය, Barcodes හෝ QR Codes, දේවල් වගේම මුදල් ලබාගෙන හෝ නොගෙන වෙනත් Brands Promote කිරීම සඳහා Logo ඇතුලත් කිරීම වගේ දේවල් කරන්නත් එපා.

☛ අසභ්‍ය ඡායාරූප හෝ එවැනි වෙබ් අඩවි වල Link ඇතුලත් කරන්න එපා 😏.

☛ අසභ්‍ය වචන ගීතයේ තියනවා නම් Parental Advisory Logo එකක් ඇතුලත් කරාට කමක් නෑ. අසභ්‍ය වචන නැත්තම් එහෙම නෑ කියලා Logo එකක් දාන්න එපා.

☛ සමහර Distributers ලා සහ Platforms මැද Image එක තියන වටේ සුදු පාට Space එකක් තියන Album Art, Approve කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඔයාගේ ගීතයට හොඳම විදියේ Album Art එකක් හදාගන්න ඔයාගේ Graphic Designer ව දැනුවත් කරන්න. අලුත් දේවල් ටිකක් ඉගෙනගන්න ඇති කියලා හිතනවා. ඔයාගේ කරන කියන වැඩ කටයුතු සර්වාප්‍රකායෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා 🙏🙏🙏

© Lahiru Gayashan

Enjoy this post?

Buy Lahiru Gayashan a coffee

More from Lahiru Gayashan