Game එකට Facebook Account එක Connect කරා ...

Game එකට Facebook Account එක Connect කරාද?

Apr 28, 2022

Log වීමේ ලේසි හින්දත්, එකට ඉන්න යාලුවෝ එක්ක ලේසියෙන් Game එක Connect කරන්න පුළුවන් නිසාත්, Game එකේ Bonus Points, Gift වගේ දේවල් ලැබෙන නිසාත්, වෙනත් ප්‍රතිලාභ නිසාත් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා තමන් Play කරන Games වලට Facebook එක හරහා Log වෙලා Account එකක් හදාගන්න. හැබැයි මේක සමහර වෙලාවල් වලදී ලොකු ලොකු ප්‍රශ්න වලට මුණ දෙන්න වෙන හේතුවක් වෙනවා.

මුලින්ම කියන්න ඕන මම Expert Gamer කෙනෙක් නෙමෙයි. ඉඳලා හිටලා COD Mobile පාරක් නම් ගහනවා 😁 මෙතන මම කතා කරන අවාසි වලට මම දන්නා එකම විසඳුම තමයි email එක හරහා හෝ, අදාල Game එක හදපු Company එකේ Account එකක් හරහා Log වෙන එක. (ඒවගෙත් ආරක්ෂාවට අදාළ දේවල් කරගන්න ඕන 😁.) ඒ ඇරෙන්න හොඳ විසඳුම් ඔයාලා දන්නවා නම් පහලින් Comment කරන්න අමතක කරන්න එපා. මම ඒ දේවල් ඔයාගේ නමත් එක්ක මේකේ Update කරන්න බලාපොරොත්තු වෙනවා.

Facebook Account එක හරහා Account එක හදාගන්න එකේ ගොඩක් වාසි තියනවා. (උඩින් කිව්වේ ඒ ගැන තමයි 😁) ඒ වගේම මේකෙදි මම කතා කරන්න යන්නේ ඒකෙ තියන අවාසි ගැන.

අපි හැමෝම Facebook එකේ තියන Community Guidelines, Copyright Policies හැම එකක්ම දන්නේ නෑනේ. ඉතින් අපි දාන Post දෙකතුනක් ඔය කලින් කියපු ඒවා හින්දා Facebook Account එක ගැලවුනොත් ඉතින් Game එකට දෙයියන්ගේම පිහිටයි. Free Fire කියන Game එක ගහන සෙට් එක නම් මේක හොඳටම අත්විඳලා ඇති. ඉතින් ඒ නිසා Email එක හරහා Account එකක් හදාගෙන (Email එකේ Password එක ඉතින් කොලේක වගේ ලියලා මතක හිටින තැනක නැති වෙන්නේ නැතුව තියාගන්න ඈ 😏) පස්සේ Facebook Account එක Connect කරගන්න ඕනෑම නම් Connect කරගන්න.

ඔයා Game එකේ Level උඩින්ම ඉන්න කෙනෙක් නම් සමහර අය ඔයාගේ Account එක හොරෙන් ගන්න Try කරනවා. ඉතින් ඔයාට Game එකේ Offer එකක් කියලම Phishing Link එකක් එවුවොත් ගොඩක් වෙලාවට අහු වෙනවනේ 😁 ඉතින් බැරි වෙලාවත් එහෙම උනොත් Game එකත් ඉවරයි. මේකට නම් ඉතින් Facebook Account එකේ Security එක පැත්ත හොඳට හදාගෙන ඒ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව හිටියොත් ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙනවා අඩුයි. ඒ ගැන විස්තර ඕන නම් Comment එකක් දාගෙන යන්න.

ඒ වගේම සමහර ය Level Up උනාම තමන්ගේ Account විකුනනවා Facebook Account එකත් එක්කම. මේක නම් මම මහා මෝඩ වැඩක් විදිට තමයි මම නම් දකින්නේ. Email එකකින් හරි Game එක හදපු Company එකේ Account එකකින් හරි Log වෙලා හිටියා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව Email වෙනස් කරලා Account විකුනන්න පුළුවන්. (කොච්චර විශ්වාසවන්ත උනත් සල්ලි දුන්නට පස්සේ Account එක දෙන්න 😁)

මේ දේවල් වලට අමතරව සමහර Hackers ලා (Script Hackers ලා තමයි ගොඩක්ම මේ වගේ වැඩ කරන්නේ) ආතල් එකට Account Hack කරලා Account එක Permanent Disable හෝ Lock වෙන්න පුළුවන් දේවල් ඔයා නොදැනුවත්වම Account එකට Upload කරනවා. මේ වගේ උණු Account ආපහු ගන්න නම් මාරම අමාරුයි. හරියට Document ඉදිරිපත් කරලා වැඩේ හරියට කරොත් ගොඩක් දුරට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදීත් ඔයාගේ Game එක ගැන අදහස ඔයාට අතඇර ගන්න වෙනවා.

අනිත් එක ඉතින් සිඟිති ආතල් ගන්න ගිහින් Account එක නැති වෙන වෙලාවල් තමයි, දෝනි කේස් කියලා Facebook Account එකට එන Message බලන්න ඕන කියලා දෝනිට Account එක දුන්නම හැම තිස්සෙම දෝනි එක එක Phone වලින් Log උනොත් එතනත් වැඩේ ඉවරයි. මේක Facebook එකේ Algorithm දකින්නේ ටිකක් සැක සහිත විදියට. එතනදිත් ඔයාට තාවකාලිකව හරි, සදහටම හරි Account එක නැති වෙන්න පුළුවන්.

මෙහෙම උනාම හදාගන්න එක එක විදි YouTube එකේ දාලා තිබුනට ඒ ගොඩක් ඒවා සාර්ථක නම් නෑ කියලා තමයි පේන්නේ ඒවගේ Comment බැලුවම. ඒ වගේම සමහර ඒවගේ Comment Off කරලා. (දෙමව්පියෝ මතක් කරන නිසා වෙන්න ඇති 😁😁)

මේ දේවල් වලට අමතරව මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කෝකටත් කියලා Game එකේ ඔයාගෙ User Name, User ID, ඔයාගේ නම, පාවිච්චි කරලා තියන Photo එක, ඔයාට විතරක් බලන්න පුළුවන් තැනක Save කරලා තියාගන්න.

දෙයක් වෙන්න කලින් පරිස්සම් කරගන්න එක වටිනවනේ. අලුත් දේවල් ටිකක් ඉගෙනගන්න ඇති කියලා හිතනවා. ඔයාගේ කරන කියන වැඩ කටයුතු සර්වාප්‍රකායෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා 🙏🙏🙏

© Lahiru Gayashan

Enjoy this post?

Buy Lahiru Gayashan a coffee

2 comments

More from Lahiru Gayashan