ඔයාගේ Top Fans ලට ස්තූති කරන්න Spotify එ ...

ඔයාගේ Top Fans ලට ස්තූති කරන්න Spotify එකෙන් Option එකක් | Spotify Wrapped 2022 For Artist

Nov 02, 2022

ඔයාගේ Top Fans ලට ස්තූති කරන්න Spotify එකෙන් ආපු අලුත්ම Option එක | Spotify Wrapped 2022 For Artists

ඔයාගේ Top Fans ලට ස්තූති කරන්න Spotify එකෙන් මේ අවුරුද්දේ අලුත්ම Option එකක් දීලා තියනවා. ඔයාගේ Spotify For Artist එකේ Dashboard එකට ගියොත් මේ ගැන බලාගන්න පුළුවන්. ඔයාගේ Top Fans ලට වීඩියෝ එකකින් ස්තූති කරන්න දීලා තියන මේ අලුත්ම Option එකට හරියටම කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ?

අපි බලමු ඉස්සරලම මේ වීඩියෝ එකේ තියෙන්න ඕන Requirement මොනවද කියලා

01. වීඩියෝ එක Vertical විදියට තියෙන්න ඕන (මම Recommend කරන්නේ නම් 1080x1920 Resolution එක). Mobile Phone එකකින් කරනවා නම් Phone එක කෙලින් අතට තියාගෙන වීඩියෝ එක කරන්න.

02. Wrapped Video එකට මොනම වෙලාවකවත් ඔයාගේ සිංදු වල lyrics, music එහෙම දාන්න එපා. ඒ වගේම සිංදු වල කොටස් දාන්නත් එපා. Filters, text, and graphics වගේම කිසිම Copyright Protected Content එකක් දාන්නත් එපා. අනිවාර්යම දේ "නරක වචන" එහෙම කියන්න එපා 😁

03. වීඩියෝ එකේ Duration එක 3s - 30s අතර හදාගන්න.

04. Artist කෙනෙක් නම් ඔයාගේ මුණ පැහැදිලිව පේන විදියට, Band එකක් නම් හැමෝම පෙන විදියට බලලා හොඳට Light කරලා වීඩියෝ එක Shoot කරන්න.

05. ඒ වගේම පිළිවෙලකට, ලස්සනට වීඩියෝ එකේ ඉන්නත් අමතක කරන්න එපා 😊

06. ඔයාගේ වීඩියෝ එක අනිවාර්යෙන්ම MP4 format එකෙන් හදන්න ඕන. iPhones වලින් වලින් MOV format එකෙන් තමයි Record වෙන්නේ. MOV format එකෙන් තියන වීඩියෝ නම් ඔයාට Upload කරන්න බෑ. ඒ නිසා Video Editing Software එකක් පාවිච්චි කරලා MP4 format එකෙන් Output එක ගන්න වෙනවා. එහෙම නැත්තම් Video Converter Software එකකින් MP4 වලට Convert කරගන්න වෙනවා.

07. ඕනවට වඩා Background එක ගැන හිතන්න එපා. Music කරන කෙනෙක් නම් Studio එකේ ඉඳලා වීඩියෝ එක කරන්න පුළුවන්, Vocalist කෙනෙක් නම් ගෙදර ඔයාගේ Room එකේ ඉඳන් කරන්න පුළුවන්. හැබැයි හොඳට එලිය තියන තැනක කරන්න අමතක කරන්න එපා.

08. පුළුවන් නම් Video එකට Cuts දාන්නේ නැතුව Single take එකකින් ගන්න බලන්න. ඒක වීඩියෝ එක බලන කෙනාට එකදිගට බලන්න පහසුයි.

09. ඒ වගේම November 18 ට කලින් වීඩියෝ එක Submit කරන්න මතක ඇතුව.

මේ ටික බැලුවම ඔයාට තේරෙනවා ඇති කිසිම දෙයක් නැති Simple වීඩියෝ එකක් නේද හදන්න තියෙන්නේ කියලා. ඔව්. මේකට Simple වීඩියෝ එකක් තමයි ඕන. මොකද මේකට Spotify එකෙන් කිසිම මුදලක් ගෙවන්නේ එහෙම නෑ.

අපි දැන් බලමු වීඩියෝ එකේ මොනවද ඔයා කියන්න ඕන කියලා.

01. Hello, Hi වගේ දේකින් පටන් අරන් මුලින්ම ඔයාව හඳුන්වලා දෙන්න.

02. ඔයාගේ Top Fan කෙනෙක් උනාට, 2022 අවුරුද්දේ ඔයාගේ ආපු සිංදු අහපු එකට, ඔයත් එක්කම හිටපු එකට ස්තූතියි කියල කියන ගමන් 2023 අවුරුද්දෙත් මේ වගේම එයා එක්ක ඉන්න කියලා කියන්න. මේ අවුරුද්දේ වගේම ඊළඟ අවුරුද්දෙත් එකක් නෑරම ඔයාගේ සිංදු අහන්න කියන්න.

03. පුළුවන් නම් 2023 අවුරුද්දේ ඔයාගේ එන්න තියන Releases ගැන පොඩි අදහසක් දෙන්න. හැම දෙයක්ම කියන්න එපා.

04. මතක ඇතුව Spotify එකෙන්, Instagram හෝ Facebook (ඔයා වැඩිපුර Active ඉන්න එක) එකෙන් ඔයාව Follow කරන්න කියන්න.

05. කලින් කිව්වා වගේම තත්පර 30 කට වඩා වීඩියෝ එක දික් කරන්න එපා.

අපි දැන් බලමු ඔයා හදාගත්ත වීඩියෝ එක Upload කරන්නේ කොහොමද කියලා.

මුලින්ම https://artists.spotify.com/ හරහා ඔයාගේ Spotify Profile එකට Log වෙන්න. Log උනාට පස්සේ ඔයාට දකින්න පුළුවන් වෙයි "Create a video for 2022 Wrapped" එකක්. ඒක Click කරන්න.

ඊළඟට ඔයාගේ වීඩියෝ එක Upload කරන්න දම් පාටින් පෙන්නන තැනක් තියනවා. එතන Click කරලා වීඩියෝ එක Upload කරන්න.

ඊටපස්සේ ඔයාලට පහලින් තියන විදියට පෙන්නයි. ඊටපස්සේ ඔයාලගේ Top Fans ලට දැනෙන විදියට හොඳ Caption එකක් දාන්න. පස්සේ යටින් පෙන්නන Thumbnail තුනෙන් ඔයාගේ මුණ හොඳට, ලස්සනට පේන Thumbnail එකක් Select කරගන්න.

ඊටපස්සේ එන Terms and Conditions වලට එකඟ වෙනවා කියලා යටින් තින Check Box එකේ Tik එක දාලා Post දෙන්න.

මම හිතනවා ඔයාලට මේකෙන් Spotify Wrapped Video එක හදාගන්න දැනුමක් ලැබෙන්න ඇති කියලා. හැමෝටම ජය වේවා.

© Lahiru Gayashan

Enjoy this post?

Buy Lahiru Gayashan a coffee

More from Lahiru Gayashan