හරියට TikTok Creator/Brand Account එකක් ...

හරියට TikTok Creator/Brand Account එකක් Setup කරගන්නේ කොහොමද?

May 03, 2022

Creator කෙනෙක්ට ඒ වගේම Brand එකකට උනත් තමන්ගේ දේවල් ප්‍රේක්ෂකයෝ අතරට අරන් යන්න හොඳම Platform එකක් තමයි TikTok කියන්නේ. ඉතින් අපි බලමු Creator කෙනෙක්ට හරි, Brand එකකට හරි, හරියට විදියට ඔයාගේ TikTok Account එක Setup කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම කරන්න ඕන දේ ඉතින් හරි තැනකින් TikTok App එක Download කරගන්න එක. ඔයාගේ Device Android නම් Play Store එකෙනුත් Apple නම් App Store එකෙනුත් Download කරගන්න පුළුවන්. මේ තැන් වලින් විතරක්ම Download කරගන්න වගබලාගන්න. Mod කරපු Apps එළියේ තියනවා. ඒවා Download කරගෙන ඔයාගේ දේවල් Leak උනා කියලා පස්සේ පසු තැවෙන්න එපා.

App එක දාගත්තට පස්සේ දකුණු පැත්තේ යට තියනවා Profile කියන Tab එක. එතනට ගිහින් ඔයාගේ TikTok Account එකක් හදාගන්න පුළුවන්. ඔයාගේ Phone Number එක, Email එක පාවිච්චි කරලා හරි, Facebook, Instagram, Twitter හෝ Google Account එක පාවිච්චි කරලා TikTok Account එක හදාගන්න පුළුවන්.

Phone Number එක, Email එක පාවිච්චි කරලා හදනවා නම් මුලින්ම ඔයාගේ උපන් දිනය, ඊළඟට Email එක හෝ Phone Number එක ඇතුලත් කරලා Account එක හදන්න පුළුවන්. TikTok Account එක හදද්දී ඔයාගේ ඇත්ත විස්තර ඇතුලත් කරොත් මොනවා හරි ප්‍රශ්නයක් උන වෙලාවක Account එක ඔයාගේ කියලා ඔප්පු කරන්න, Recover කරන්න උදව්වක් වෙනවා. ඒ වගේම උපන් දිනේ දානකොට අවුරුදු 18 ට වැඩි වෙන විදියට දාන්නත් වගබලාගන්න. නැත්තම් ඔයාගේ TikTok Account ඒකට සමහර දේවල් Restrict වෙන්න පුළුවන්. අවුරුදු 13 ට අඩු අය නම් වැඩිහිටියෙක්ගේ අනුමැතිය සහ සැලකිල්ල නැතුව Content Create කරන එක මම නම් වැඩිය අනුමත කරන්නේ නෑ 😁

Brand එකක් නම් 18 ට වැඩි උපන් දිනයක් දාලා, ඔයාගේ Business Email එකකට TikTok Account එක හදාගන්න. TikTok Account එක Manage කරන කෙනාගේ උපන් දිනය දාන එක තමයි හොඳම දේ.

එතනින් පස්සේ තියන වැදගත්ම දේ තමයි Username එක. මේක ඔයා Facebook, Instagram, Twitter සහ YouTube වලදී පාවිච්චි කරන Username එකම දාගන්න වග බලාගන්න. මොකද එක ඔයාගේ Branding වලදී වැදගත් Point එකක් වෙනවා. Username එකක් දාද්දි ඔහේ දාන්න එපා. මොකද ඒකෙන් තමයි ඔයාගේ TikTok Account එකේ URL එක හැදෙන්නේ.

ඊළඟට තියෙන්නේ Profile Picture එක. ඒක කරන්න ඔයා Edit Profile, Option එකට යන්න ඕන. ඊටපස්සේ ඔයාට ගොඩක් දේවල් වෙනස් කරන්නන තියනවා බලාගන්න පුළුවන්. අපි මුලින්ම Profile Picture එක Update කරගෙන ඉමු. මේකට ඔයාගේ Photo එකක් හරි, Brand එකක් නම් Logo එක හරි තමයි දාන්න ඕන. Profile Picture එක තෝරගනිද්දී Pixalarate නොවුණු Blur නොවුණු Image එකක් Upload කරන්න වගබලාගන්න. නැත්තම් මිස්සු හිතයි ඔයාගේ Profile Picture එක වගේම ඔයාගේ වැඩත් Quality නැතුව ඇති කියලා. 😏 Profile Picture එකට ඔයාගේ Photo එකක් දානවා නම් මූණ හොඳට පැහැදිලිව පේන විදියේ Photo එකක් දාන්න.

ඊළඟට අපිට Fill කරන්න තියෙන්නේ Bio කියන Section එක. මේකත් ගොඩක් වැදගත් දෙයක්. ඔයා Creator කෙනෙක් නම් වචන කීපයකින් ඔයාව අඳුන්වලා Bio එක Update කරන්න. ඔයා මොනවා කරන කෙනෙක්ද කියන එක මේ Section එකේ දාන එක තමයි සුදුසුම දේ. YouTuber, Chef, Influencer, Doctor, Graphic Designer මේ වගේ ඔයාගේ Skill වෘත්තීය හරි Skill එක හරි, Brand එකක් නම් ඔයාගේ Slogan එකක් හරි, ඔයා මොන වගේ Product එකක්ද, Service එකක්ද Offer කරන්නේ කියන්නේ කියලා දාන්න. ඒ වගේම Comment කරන්න, Follow කරන්න කියලත් දාන්න. මොකද අපේ අය කිව්වොත් විතරයි කරන්නේ.

ඊළඟට තියෙන්නේ තවත් වැදගත්ම දෙයක්. ඔයාට පුළුවන් ඔයාගේ Instagram Account එක වගේම YouTube Channel එකත් ඔයාගේ TikTok Account එකට Connect කරන්න. ඒකට කරන්න තියෙන්නේ අදාළ Logo එක උඩ Touch කරලා Login Details දීලා Sign වෙන එක විතරයි. එතනින් පස්සේ අපි TikTok Account එකේ මූලිකම දේවල් ටික හදාගෙන ඉවරයි.

දැන් තමයි වැදගත්ම දේ කරන්න තියෙන්නේ. මෙතනින් එහාට තමයි ඔයා Creator කෙනෙක් ද, Brand එකක්ද කියන එක උඩ Account එක වෙනස් වෙන්නේ. දැන් යන්න ඕන ඔයාගේ Account එකේ දකුණු පැත්තේ උඩ තියන ඉරි තුනට. එතනින් තමයි Account Settings වලට යන්නේ. එතනට ගිහින් Manage Account කියන ඒකට යන්න. ඊට පස්සේ ඔයාට Account Control කියන එක යටතේ බලා ගන්න පුළුවන් Switch To Pro Account කියන Option එක. ඒකට ගියාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් ඔයාට මේ Account එක Creator හෝ Business Account එකක් විදියට Convert කරන්න. ඔයා Creator කෙනෙක් නම් "Creator" Option එක Select කරන්න. ඔයා Brand එකක් නම් "Business" Option එක Select කරන්න.

අපි මුලින් බලමු Creator කෙනෙක්ට Account එක හදාගන්න විදිය. ඔයා "Creator" කියන Option එක Select කරාට පස්සේ ඔයාට එනවා ඔයා මොන Category එකට අයත් "Creator" කෙනෙක්ද කියලා Select කරන්න. ඔයාගේ Skill අනුව, ඔයා මේ TikTok Account එකේ මොනවද දාන්නේ කියන එක අනුව අදාළ Category තෝරන්න වගබලාගන්න. ඊළඟට ඔයාගේ Gender එක Select කරන්න. ඊටපස්සේ Done දුන්නම ඔයාගේ Account එකේ කලින් තිබුනේ නැති Option එකක් Enable වෙනවා. ඒ තමයි Analytics Tab එක. එතනට ගිහින් ඔයාගේ Videos Perform කරන විදිය වගේම තව ගොඩක් දේවල් බලාගන්න පුළුවන්.

"Business" Option එකත් වැඩි වෙනසක් නෑ. "Business" ඒකට අදාල Category එක දීලා Analytics Tab එක Enable කරගන්න පුළුවන්.

Analytics Tab එක වගේම දැන් Q & A කියලා Option එකකුත් Pro Account එකකට Convert කරාට පස්සේ Enable වෙනවා. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ Fans ලට ඔයාගෙන් ප්‍රශ්න අහන්න. මේක Creator සහ Fans ලා අතර කිට්ටු සම්බන්ධතාවයක් තියාගන්න හොඳ Option එකක්.

අලුත් දේවල් ටිකක් ඉගෙනගන්න ඇති කියලා හිතනවා. ඔයාගේ කරන කියන වැඩ කටයුතු සර්වාප්‍රකායෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මීළඟ Article එකෙන් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා 🙏🙏🙏

© Lahiru Gayashan

Enjoy this post?

Buy Lahiru Gayashan a coffee

More from Lahiru Gayashan