කොරෝනා කාලේ නොකී කතාව !

කොරෝනා කාලේ නොකී කතාව !

Oct 29, 2020

කාලය කියන්නේ අපි හැමෝටම ගොඩක් වටිනා දෙයක්.අපි මොනවා කරත් ,මොන විදියට කුමන මට්ටමක හිටියත් පොදු දෙයක් තියෙනවා,ඒ තමයි මේ කාලය ගතවෙනවා.සමහරවෙලාවට හිමින් ,සමහර වෙලාවට වේගයෙන් අපිට දැනෙන විදියත් එක්ක එක සාපේක්ෂයි.නමුත් වඩාත්ම පොදු දෙයක් තියෙනවා ,ඒක ඉතා වැදගත් කරුණක්.ඒ තමයි දවසක් ගත්තම අපි හැමෝටම තියෙන්නේ පැය 24 ක්.නමුත් මේ පැය 24 අපි එකිනකා භාවිතා කරන්නේ වෙනස්විදියට.ඒ නිසා තමයි කෙනෙක් සැප විදිද්දී කෙනෙක් දුක් විදින්නේ.කෙනෙක් ඉතා ඉහලට ඉගෙනගද්දී කෙනෙක් ඉතා නූගත් වෙන්නේ.කෙනෙක් පෝසත් වෙද්දී කෙනෙක් දුප්පත් වෙන්නේ.අද සැප විදින කෙනෙක් ගත්තොත් එයා ගොඩක් මේ පැය 24 සාර්ථකව පාවිච්චි කරපු කෙනෙක්. නැතිනම් එයාගේ පරම්පරාවේ කවුරුහරි ඒ කැපකිරීම කරලා තියෙනවා.

ඉතින් මේ පැය 24 ඔහේ හැල්මේ ගලාගෙන යන්න ඉඩ දෙනවද , ජිවිතේ වෙනස්කරගන්න පාවිච්චි කරනවද කියන එක ඔයාගේ තීරණයක්.පුංච් රහසක් කියන්නද? හැමෝම කියනවා කාලය කියන්නේ සල්ලි කියලා. ඔයාට කවදා හරි කාලය හා සල්ලි කියන දෙකෙන් එකක් තෝරාගන්න කියල කවුරුහරි තේරීමක් කරන්න දුන්නොත් ඔයා මොකද්ද තෝරාගන්නේ ? මං දන්නවා පිළිතුර සාපේක්ෂයි. දෙයක් කියන්නද , මමනම් අනිවාර්යෙන් තෝරාගන්නේ කාලය ,නිදහස් කාලය .

මං පැහැදිලි කරලා දෙන්නම්.

"මුදල් අපි ලගට එනවා වගේම ,වියදමක් විදියට අපෙන් ගලා යනවා'

නමුත් ඔයාට ලැබෙන නිදහස් කාලය (Free time ) ඉතා බුද්ධිමත්ව ඔබේ දැනුම වැඩි කරගන්න භාවිතා කරොත් , එකෙන් ඔයාට ජිවිත කාලයටම ඔයාගේ ආර්ථික ,සමාජ මට්ටම ඉහල නංවා ගන්න සමත් උපයා ගැනීමක් ලබාගන්න පුලුවන්. විශේෂයෙන්ම මුදල් ගැන ඉගෙනගන්න. ඔයාට මුදල් ගැන කොහෙන්වත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැ . පාසලේ , දෙමාපියන් , යාළුවන් ඔයාට මුදල් ගැන කියල දීල තියෙනවද ? නෑ .මුදල් කොහමද හරියට පාවිච්චි කරන්නේ ,මුදල් කොහොමද එක තැනකින් තව තැනකට ගලාගෙන යන්නේ . මේකට කියන්නේ මුලය දැනුවත්බාවය (Financial literacy) කියල.

ඉතිං කෝ ඒකට වෙලාවක් ? මට වෙලාවක් නෑ .අලුත් දෙයක් ඉගෙනගන්න වෙලාවක් නෑ ,ගොඩක් Busy .නිදහසට හේතු ගොඩයි. ඇත්තටම මේක වෙලාවක් නෑ නෙවේ ඔයාට උවමනාවක් නැති කම නේද?නැතිනම් ඔයා වැඩ ඔක්කොම පටලවාගෙන ඇති.පොඩ්ඩක් හිතලා බලන්න ... ඇයි මං මේ ඔයාට වෙනදෙයක් අලුතින් ඉගෙනගන්න කියන්නේ නැතිව මුලය දැනුවත්බාවය (Financial literacy) ගැන ඉගෙන ගන්න කියන්නේ මොකද ?අපි සල්ලි වලට වහලෙක් වෙන්නේ නැතිව සල්ලි අපේ වහලෙක් කරගන්න රහස තියෙන්නේ එතන. නැතිනම් ඔයා රු.500,000 ක මාසික අදායමක් තිබුනත් ,ඔයා පැටලවිල ඉන්න තැනින් එලියට එන්න බැරිවෙන්න පුළුවන්.

ඉතින් අපි කොහෙන්ද පටන් ගන්නේ ?

දැන් ඔයාට ලැබිල තියෙනවා කවදාවත් නොලබිච්චි ස්වර්ණමය අවස්ථාවක්.ඒ තමයි කොරෝනා නිසා ලැබිච්ච විවේක කාලය.ගොඩක් දුරට අපි මේ දිනවල ඉන්නේ ගෙදර .ඉතිං මේක තමයි හොදම වෙලාව.ඉතින් මේ වෙලාවේ අනවශ්‍ය දෙයකට නාස්ති කරනවට වඩා අලුත් දැනුම එකතු කරන්න යොදා ගන්න.හෙට දවසේ ඔයාගේ අදායමට අලුතෙන් හයියක් වියහැකි දෙයක් ඉගෙනගන්න හැමවිටම වගබලා ගන්න.

පහත තියෙන්නේ ඔයාට පුලුවන්නම් කියවන්න කියල මම recommend කරන පොත් කීපයක්.පුලුවන්නම් Try එකක් දීලම බලන්න .

ඉතින් මේක තමයි අවස්ථාව.. මේක smart විදියට පාවිච්චි කරන්න.

ඔබට ජය !

Enjoy this post?

Buy Sammika Senevirathne a coffee

More from Sammika Senevirathne