ඔබ සාර්ථකද? ඇත්තටම සාර්ථකද ?

ඔබ සාර්ථකද? ඇත්තටම සාර්ථකද ?

Nov 06, 2020

පුංචි ප්‍රශ්නයක් අහන්නම් .ඔබ සාර්ථකද? ඇත්තටම සාර්ථකද ? ඔබ කොතෙක් දුරට සාර්ථකත්වයට ලංවෙලා තියෙනවද? සමහරවිට මේක උත්තර දෙන්න අමාරු ,එකපාරටම වටහාගන්න අමාරු පරශ්නයක් වේවි.මං උදව් කරන්නම්.

ලංකාවේ වගේම ලෝකයේ ඉන්න සාර්ථක ව්‍යාපාර නායකයින් ,ක්‍රීඩකයින් හා වෙනත් සියගණනක් සාර්ථක පුද්ගලයින් ගැන මං සොයාබැලුවා. ඒ වගේම මං කල්පනා කරා මොනවද මේ හැමෝම ගාව තියෙන පොදු ලක්ෂණ , කොහොමද මේ අය සාර්ථක වුනේ කියලා .මොකද අපි හැමවෙලාවෙම ඒ අයගේ තියෙන මේ ගුණාංග ජිවිතයට එකතුකර ගන්න ඕනේ හින්ද.එයාලා කොහොමද හැසිරෙන්නේ ,අමාරු අවස්ථාවලදී කොහොමද තීරණ ගන්නේ ඒ හැම දෙයක්ම හිමින් අධ්‍යනය කරද්දී මේ හැමෝටම පොදු ලක්ෂණ 7ක් හොයාගන්න පුළුවන් වුනා.

ඉතිං ඔයත් තීරණය කරන්න මේ ලක්ෂණවලින් කීයක් ඔයාගේ ජිවිතේ තියෙනවද කියලා.

1. සාර්ථක මිනිසුන් ලග ඉතාමත් හොද පුරුදු තියෙනවා.

සමහර පුරුදු තියෙනවා මිනිසුන් තව තවත් ප්‍රශ්නවල පටලන ,ජිවිතේ හරය විනසකරන.මත්පැන් ,මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ,දුම් පානය ,අධික ලෙස රුපවාහිනිය නැරබීම ,ඕපාදුප හා හරසුන් කතා වල යෙදීම ,නිකරුනේ කාලය නාස්ති කිරීම. තේරුම්ගන්න මේ පුරුදු ඔයාගේ ජිවිතේ විනාශ කරනවා.මේ පුරුදු ඔයාගාව තියෙනවනම් අදම මෙව්වා අත්හරින්න.ඒ වෙනුවට හොද පුරුදු දියණු කරන්න.

ටිකක් හිතන්න සාර්ථක මිනිසුන් සාර්ථක වෙලා තියෙන්නේ එයාලගේ හොද පුරුදු නිසා, එව්වා මානසික ,ශාරීරික වශයෙන් එයාලව ශක්තිමත් කරනවා.උදැසනම අවදිවෙන්න , ව්‍යායාම් කරන්න , පොත් කියවන්න දැනුම වැඩි කරගන්න , භාවනා කරන්න , කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න . ඔයාගේ හැසිරීමේ 95% තීරණය කරන්නේ ඔයාගේ පුරුදු වලින්.ඔයාගේ අදදවසේ පුරුදු තමයි හෙට ඔයාගේ ඉරණම තීරණය කරන්නේ.ටිකක් හිතල බලන්න ,ඔයගාව තියෙන්නේ මොන පුරුදුද ,අදම වෙනස්වෙන්න.

2.සාර්ථක මිනිසුන් නිරතුරුවම කැපවීමෙන් අරමුණු කරා දුවන මිනිස්සු.

ඔයාගේ අරමුණු ඉටු කරගන්න ඔයා කැපවෙනවද ? මෙහිදී අරමුණ කරා කැපවීම කියන්නේ සුබවාදී ප්‍රතිපලයක් ලබාගැනීමට ඔයාගේ තියන උනන්දුව , ඔයාගේ අදහස් තවදුරටත් අදහසක් විතරක්ම නොවී ක්‍රියාත්මක කිරීමට ,ප්‍රතිපල ලබාගනීමට තියෙන උනන්දුව , අමාරුම කාලවලදීත් නොවැටී නැගිහිටින්න ඔයාගේ තියෙන හැකියාව , අසාර්ථක වෙද්දී ඇද වැටෙද්දී නැවත නැගී සිටීමට ඔබට තියෙන ශක්තිය. ඉතිං හිතල බලන්න ඔයාට මේ ශක්තිය තියෙනවද නැතිනම් ඔයත් කිසි වැඩක් හරියට කරගන්න බැරි කම්මලියෙක්ද කියලා.

සාර්ථකවෙච්චි ගොඩක් මිනිසුන් එයාලගේ මුල්කාලයේ එකදිගට දවසට පැය 15-20 නිවාඩු /විවේකයක් නොගෙන වැඩ කරපු මිනිස්සු.මොකද ඒ අයට අරමුණක් තිබ්බ ,ඒ අය දුවන්නේ එයාලගේ හීන පස්සේ ,හීන පස්සේ /අරමුණක් ඇතිව දුවද්දී මහන්සි දැනෙන්නේ නෑ .ඉතිං අදම ඔබත් අරමුණු ඇතිකර ගන්න , ඒ වෙනුවෙන් මැරෙන්න වුනත් සුදානම් වෙන්න.

3. සාර්ථක මිනිසුන්ට තම හැකියාවන් පිළිබද විශ්වාසයක් / තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා.

ඔයා දන්නවද සාර්ථකත්වයට ප්‍රධාන බාධක දෙකක් තියෙනවා කියලා? ඒ තමයි තමන් ගැනම තියෙන සැකය / ආත්ම විශ්වාසයක් නැතිකම හා නොදැනුවත්කම.අපි හැම වෙලේම හිතන්නේ අපිට බැරිවෙයි ,අපිට වැරදෙයි ,මිනිස්සු හිනාවෙයි කියලා .කවදාවත් එහෙම හිතන්න එපා.ආත්ම විශ්වාසය කියන්නේ වෙන මොනවත් නෙවේ තමන් ගැන විශ්වාස කිරීමයි. තමන්ට කරන්න බෑ කියල හිතිච්ච දේවල් කරන එකයි.ඔයා දන්නවද ආත්ම විශ්වාසය එන්නේ හැකියාවන් එක්ක, දක්ෂතාවය එක්ක කියලා .ඉතින් ඔයාගේ දක්ෂතාවයන් වැඩිදියුණු කරගන්න,අලුත් දේවල් ජිවිතයට එකතුකරගන්න ,හැමදෙයක් ගැනම සුබවාදීව හිතන්න.

4.ඔයාගේ ජීවිතය ගැන 100%ක්ම වගකියන්න ඕන ඔයා විතරමයි.

ඔයාගේ ජිවිතේ අයිති ඔයාට , ඔයාගේ ජයග්‍රහණ කාටවත් අයිති නෑ වගේම තමයි ඔයාගේ පරාජයත් අයිති ඔයටම්යි.ඔයා මේ පරම සත්‍ය වටහගතොත් විතරයි ඔයාට වෙනස්විදියට හිතන්න පුළුවන්.අපි දකිනවා ගොඩක් මිනිස්සු ඉන්නේ හැම දේටම එකිනෙකාට චෝදනා කරන්න.ඔයා හින්දා තමයි /අරය හින්ද තමයි විදියට හැම එකකම වැරැද්ද තව කාගේ හරි පිට පටවනවා.ඔයත් එහෙම කරන්න ගියොත් කවදාවත් ඔයා දියුණු වෙන්නේ නෑ .මොකද සාර්ථක මිනිහෙක් හැමවිටම තමාගේ අඩුපාඩු /වැරදි පිලිගන්නවා, තේරුම්ගන්නවා. එව්ව් හදාගන්න එතුලින් අත්දැකීම් ගනිමින් ජීවිතය වෙනස් කරගන්නවා.හිතලා බලන්න අදම වෙනස්වෙන්න. මතක තියාගන්න මේ කියමනත් "ඔයා ඉපදුනේ දුප්පත්වනම් එක ඔයාගේ වැරද්දක් නෙවේ,හැබැයි ඔයා මැරෙන්නේ දුප්පත්වනම් ඒක 100% ඔයාගේ වැරද්දක් "

5.සාර්ථක මිනිසෙක් තුල දියුණුවීමේ මනසක් තියෙනවා ,ඔහු ඒ ගැන හීන දකිනවා ,නිතරම දැනුම අලුත් කරගන්නවා .

ඔයා දන්නවද බිල් ගේට්ස් , වැරන් බුෆෙට් වගේ අතිසාර්ථක ව්‍යවසායකයින් නිතරම පොත් කියවනවා.දිනකට පැය 2-3 අලුත් දේවල් අඩයනය කරනවා.ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකය ධම්මික පෙරේරා අයිතිවෙන්නේ මේ කුලකයටමයි.මං කියන්නේ පොත් කියවන එකම නෙවේ සමහරවිට podcast සවන්දීම , පුද්ගලික උපදේශකවරයකු (Personal Mentor ) සමග සාකච්චා කිරීම වෙන්නත් පුළුවන්.ක්‍රමේ මොකක් වුනත් වැදගත් වෙන්නේ ඔයාගේ දැනුම අලුත් කරගන්න එක. මතක තියාගන්න දැනුම තමයි ඔයාගේ සාර්ථකත්වයේ මග එලි කරන ආයුදය වෙන්නේ.ඒ වගේම ඉගෙනගන්න එක කවදාවත් නවත්වන්න ඒපා.මොකද ඔයා ඉගෙනගන්න ඉගෙන්න තමයි ඔයාට තේරෙන්නේ ඔයා කලින් දැනන් හිටියේ බොහොම ටිකයි කියල.නැතිනම් ඔයා හිතන් ඉන්නේ ඔයා හැමදේම දන්නවා කියලා .ඉතින් මනසින් හිස් වෙන්න , වැදගත් දේවල් එකතුකරගන්න.ඒකතමයි ඔයාගේ වටිනාම අවිය.

6.සාර්ථක මිනිසුන් පරාජයන් ජිවිතේ කොටසක් කරගන්නවා .

ඔබත් පරාජයන් මත්තේම හඩා වැලපෙමින් සිටිමින් අයෙක්ද ,නැතිනම් පරාජය තවත් අත්දැකීමක් ,පාඩමක් කරගෙන තව තවත් ශක්තිමත් වන අයෙක්ද?සාර්ථක මිනිසුන් හැමවිටම තමන්ගේ වැරදි දකින්නේ ධනාත්මකව.ඒක තවත් ජිවිත පාඩමක් විදියට. හොදින් බලන්න ,වෝල්ට් ඩිස්නිව එයාගේ පත්තර රස්සාවෙන් අයින් කරේ එයාට නිර්මාණාත්මක චින්තනයක් නැ කියල.,කොලොනල් සන්ඩර්ස් (KFC නිර්මාතු ) වයස 56 දී දහස්වරක් ප්‍රතික්ෂේපවුනා.ජැක් මා ,වෑගපිටිය , සරලවම කිව්වොත් ඉතිහාසය බිහිකළ සුපිරි සාර්ථක මිනිසුන්ගෙන් 95%වැඩිය පරාජයන් / ප්‍රතික්ෂේප වීම් තුලින් බිහිවෙච්ච මිනිස්සු.පරාජයේ වේදනාව ඔවුන් හොදට දන්නවා විතරක් නෙවේ ඒ වේදනාවම තමන්ගේ ජීවිතය ගොඩනංවන බලය කරගත්ත අය .ඉතින් මම නිර්දේශ කරනවා ඔබට පුලුවන්නම් මේ අයගේ ජිවිත කතාව කියවන්න.එය ඔබව වැටෙන හැමවෙලවකදිම ශක්තිමත් කරාවි.

7.සාර්ථක මිනිසුන්ගාව තෙවැනි ඇසක් තියෙනවා.

අපි හැමෝම ලෝකය දකින ඇසට වඩා වෙනස් ඇසක් සාර්ථක මිනිසුන්ට තියෙනවා.ඒ ඇස සාමාන්‍ය මිනිසුන්ට නොපෙනන ඉමක් ඔවුන්ට පෙන්නනවා. ඒ තමයි ලෝකයේ ,සමාජයේ වෙන සියුම් වෙනස්කම් පවා හොදින් දැනෙන ඉව.ඔවුන්ට හැමෝටම කලියෙන් ලෝකය දකිනවා , වෙනසට හැඩගැසෙනවා.සංකීරණ ලෙස සමාජය දකින දේවල් ඔවුන් ඉතා සරලව දකිනවා.තමන් තුල ඇති ශක්තින් තේරුම් ගන්නවා ,අඩුපාඩු හදාගන්නවා. අන් අයට සමාව දෙනවා.මේක තමයි ඔවුන්ව ඉදිරියට තල්ලු කරන බලවේගය.නොවැටී සිටින්න , අඩන්න ඕන වුනත් අඩන්නේ නැති අඩන්න ඕන තැන හිනාවෙන ,හිනාවෙන්න ඕන තැන උපේක්ෂාවෙන් දරාගන්න ඔවුන්ව පොලබවන හයිය තමයි ඒ.ඉතින් ඉහත කරුණු 6 හොදින් තේරුම් ගන්න.අවසානයේ ඔයා වටහගනිවී ඔබේ ශක්තිය.

ඉතින් දැන් ඔබ ඔබව හදුන්වා දෙන්නේ කවුරු විදියටද ? හිතන්න.. වෙනසක් අවශ්‍යද?එහෙනම් අදම පටන් ගන්න. ආපහු දෙයක් මතක් කරන්නද.

"ඔයා ඉපදුනේ දුප්පත්වනම් එක ඔයාගේ වැරද්දක් නෙවේ,හැබැයි ඔයා මැරෙන්නේ දුප්පත්වනම් ඒක 100% ඔයාගේ වැරද්දක් "

Enjoy this post?

Buy Sammika Senevirathne a coffee

More from Sammika Senevirathne